
ඉරානයේ අධිකරණය විසින් ඉස්ලාමීය "කිසාස් (Qisas)" නීති මූලධර්මය යටතේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට මරණ දඬුවම නියම කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කළ යුතු බව ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු විදේශ අමාත්‍ය මනූචෙහ්ර් මොත්තකි ප්‍රකාශ කරනවා. "අධිකරණ ප්‍රධානී ගොලාම්හොසේන් මොහ්සෙනි එජෙයි ට්‍රම්ප්ට එරෙහිව කිසාස් තීන්දුවක් නිකුත් කළ විගසම ට්‍රම්ප් පසුබැස ඔහුගේ බලපෑමද දුර්වල වනු ඇත" යනුවෙන් හිටපු විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා. මීට අමතරව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමඟ සාකච්ඡා කිරීම සහ එම ජල මාර්ගයේ කළමනාකරණයට මස්කට් වෙත භූමිකාවක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම ඉරානය සිදු කළ විශාල වරදක් බවද මොත්තකි වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා. කෙසේ වෙතත් මෙය මනූචෙහ්ර් මොත්තකිගේ අදහසක් වන නමුත් එය ඉරාන රජයේ නිල ස්ථාවරයද යන්න තහවුරු වී නොමැත.