
ජෝර්දානයේ පිහිටි කිං ෆයිසාල් (King Faisal) සහ ප්‍රින්ස් හසන් (Prince Hassan) ගුවන් හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසනවා. එම කඳවුරු ඇමෙරිකානු හමුදා භාවිතා කළ ස්ථාන ලෙසද ඔවුන් ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළා. ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන පරිදි, F-15 ප්‍රහාරක යානා සූදානම් කිරීම සඳහා භාවිත කළ හෑන්ගරයක් සහ MQ-9 ඩ්‍රෝන යානා සූදානම් කිරීමේ හෑන්ගරයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇත. තවමත් එකලස් කර නොතිබූ නව MQ-9 ඩ්‍රෝන යානා 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, හෑන්ගරයෙන් පිටත තිබූ තවත් ඩ්‍රෝන 2 කටද දැඩි හානි සිදුවී ඇතැයි ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළා.
