
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ පණිවිඩයක් මඟින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමන් කරන නෞකාවකට ඉරානය මිසයිලයක්, රොකට් ප්‍රහාරයක්, ඩ්‍රෝනයක් හෝ වෙනත් ඕනෑම ආයුධයක් භාවිතයෙන් ප්‍රහාරයක් එල්ල කරන සෑම අවස්ථාවකදීම, ඊට ප්‍රතිචාර ලෙස එක් පාලමක් හෝ විදුලි බලාගාරයක් විනාශ කරන බවයි. එම ඉලක්ක අතර ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ආසන්නයේ පිහිටි පාලම් සහ විදුලි බලාගාරද ඇතුළත් විය හැකි බවට ද අනතුරු අඟවනවා . මෙම ප්‍රකාශයත් සමඟ ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවට ජාත්‍යන්තර විශ්ලේෂකයන් පවසනවා.