
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන
යෑමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය
කොට තිබෙනවා.
ඊයේ (21) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී එක්දින
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% ක් ලෙස දැනට පවතින
මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළා.
වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්රවණතා සහ ඉදිරි දැක්ම
පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති
මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ යළිත් වර්ධනය වී ඇති නොසන්සුන්කාරී
තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන්,
විශේෂයෙන් ඛනිජතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මෙම ප්රවණතා හේතුවෙන් ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම මන්දගාමී
වීමට ඉඩ ඇති අතර, එමගින් ආකාර කිහිපයක් ඔස්සේ දේශීය
ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකිය.
ප්‍රධාන වශයෙන් දේශීය බලශක්ති මිල ගණන් සහ ආහාර මිල
ගණන් ඉහළ යෑම හේතුවෙන් 2026 වසරේ ජූනි මාසයේ දී
මතුපිට උද්ධමනය 6.8%ක් (වාර්ෂික ලක්ෂ්යමය) දක්වා ඉහළ
ගොස් ඇත.
මතුපිට උද්ධමනය ක්‍රමයෙන් ඉලක්කගත මට්ටමට ළඟා වීමට
පෙර, නුදුරු කාලයේදී 5% ක ඉලක්කයට වඩා ඉහළ මට්ටමක
පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මූලික උද්ධමනය ද ඉහළ ගොස් මතුපිට උද්ධමන ඉලක්කය
ආසන්නයේ පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර මෑත කාලයේදී
උද්ධමනයේ ඉහළ යෑමක් වාර්තා වුවද, මැදි කාලීනව උද්ධමන
අපේක්ෂා උද්ධමන ඉලක්කය වටා ස්ථායීව පවතී.
මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා බොහෝ විට සැපයුම් අංශයේ
සාධක හේතු වුව ද ආර්ථිකයේ ඉල්ලුම් තත්ත්වයන් ද ශක්තිමත් වී ඇත.
කෙසේ වුව ද, රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ අනෙකුත්
ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ, 2026 වසරේ මැයි මාසයේ දී මුදල්
ප්‍රතිපත්ති දැඩි කිරීම හා එහි බලපෑම මූර්ත ආර්ථිකය වෙත ක්‍රමයෙන්
සම්ප්‍රේෂණය වීම මගින් ඉදිරියේ දී ණය වර්ධනය සහ ඉල්ලුම් පීඩන
ඉහළ යෑම අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මැදපෙරදිග කලාපයේ යුධමය තත්ත්වය මගින් විදේශීය අංශය මත
එල්ල වූ පීඩනය යම් තරමකට ලිහිල් වුවද, යළිත් උද්ගත වී ඇති
නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් විදේශ අංශයේ ඉදිරි දැක්ම
තවදුරටත් අවිනිශ්චිතව පවතිනවා.
2026 වසරේ අප්‍රේල් මාසයේ සිට විදේශීය ජංගම ගිණුමේ හිඟයක් වාර්තා
වී ඇති අතර, ඒ සඳහා ඉහළ ඉන්ධන ආනයන වියදම් හේතුවෙන් වෙළඳ
භාණ්ඩ හිඟය පුළුල් වීම මෙන්ම සංචාරක ඉපැයීම් පහළ යෑම ප්‍රධාන
වශයෙන් හේතු වී ඇත.
මෑත කාලීනව ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර
වශයෙන් ඉදිරියේදී මෝටර් රථ වාහන ආනයන සඳහා පවතින ඉල්ලුම
ඇතුළුව ආනයන ඉල්ලුම අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ අතර, 2026 වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ
ප්‍රේෂණ ලැබීම් ශක්තිමත්ව පැවති.
විදේශ ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුව ද 2026 වසරේ ජූනි අවසානය
වනවිට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.45 ක් ලෙස පැවතුණා.
මේ දක්වා අනුගමනය කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු
කරමින් ශ්‍රී ලංකා රුපියල මෑත සති කිහිපය තුළ තරමක් ස්ථායී වී ඇත.
මහ බැංකුව විසින් උද්ගතවන අවදානම් හඳුනාගැනීම සඳහා දේශීය සහ ගෝලීය
ආර්ථික ප්රවණතා අඛණ්ඩව සමීපව නිරීක්ෂණය කරනු ඇත.
පසුගිය මැයි මාසයේ සිදුකරන ලද මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ගයේ
බලපෑම ඉදිරි කාලයේ දී ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වනු ඇතැයි මහ බැංකුව
අපේක්ෂා කරනවා.
මැදි කාලීනව ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීම සඳහා සහය වන
අතරම, උද්ධමනය 5% ක ඉලක්කගත මට්ටම වටා ස්ථාවර වීම තහවුරු කිරීම
සඳහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මහ බැංකුව අඛණ්ඩව කටයුතු කරනු
ඇත.