
ප්‍රසිද්ධ ගායන ශිල්පියකු වන තිලංක විදූෂ නොහොත් චිලී යන අයගේ නිවසට ඩෙංගු පරීක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම ඇතුලු චෝදනා හතරක් සම්බන්ධයෙන් 2014 වසරේ සිට විභාග වූ නඩුවකින් සැකකරු වැරදිකරු බවට පත් කරමින් දඩ මුදල් නියම කරමින් නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (22) දින නියෝග කළා.
ඒ අනුව අදාල චෝදනා හතරට එක් චෝදනාවකට රුපියල් 1500/= බැගින් සහ සාපරාධී බිය ගැන්වීමට ලක් වූ පොලිස් නිළධාරීන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 10000/= ක මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරුණා.
එම පොලිස් නිළධාරීන් දෙදෙනා අද (22) දින අධිකරණයට පැමිණ නොසිට බැවින් අදාල මුදල අධිකරණයෙහි තැන්පත් කරන ලෙස ද නියෝග කෙරුණා.
2014 වසරේ දී තලංගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි තිලංක විදූෂ නොහොත් චිලී නම් අය පදිංචිව සිටි නිවසේ ඩෙංගු පරීක්ෂා කිරීම සඳහා තලංගම පොලිසියේ නිලධාරීන් පැමිණි අවස්ථාවේ එම නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබිණ.
එහිදී අත්අඩංගුවට ගැනුණ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකොට පසුව ඇපමත මුදාහරින ලදී. මෙම නඩුව වසර 12 ක කාලයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග විය.