
බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන ඒම අත්හිටුවීමේ තීරණය පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති බවට තොරතුරු වාර්තා වනවා.
එම මාධ්‍යවේදීන් හෙට දින (ජූලි 23) පස්වරු 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා තිබිණ.
ඒ, අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පැවැත්වූ රැස්වීමක් වාර්තා කිරීමේ සිද්ධියක් මුල්කරගනිමිනි.